Our customer support team is here to answer your questions. Ask us anything!

01. පදවිගම්පොළ ගල්මැස්ස


රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන පදවියගම්පොළ හෙවත් පදවිගම්පළ කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුවේ දැලිවල වසමට අයත් ප්‍රදේශයකි. මෙය සබරගමුව පළාත් සභාව විසින් සංචාරක ගම්මානයක් ලෙස නම්කර තිබේ. රඹුක්කන ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගයට රැගෙන යන්නේ මෙහි පිහිටි ගල්මැස්සයි. විශාල ගල්පුවරු තුනක් මත තැබූ ගල්පුවරුව නිසා මෙය කාමරයක් ලෙස දිස්වේ. දඹුල්ල ඉබ්බන්කටුව වැනි ස්ථානවලින් මෙගලිතික ස්මාරක ලැබී තිබුණත් මෙවැනි විශාල ස්මාරකයක් හමුවන්නේ පදවිගම්පොළින් පමණි. මෙය දිගින් අඩි 11ක් ද පළලින් අඩි හයහමාහරක් ද වේ. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙය අසල මෑත අතීතයේ විහාරයක් ද ඉදිකර තිබේ.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත - දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ පිහිටා තිබේ. අතීත ලක්දිව විසූ ගැමි ජනතාවගේ විශ්වාසය අනුව මෙම ශිලා මඤචය හා ලක්දිව වැඩවිසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තයක් ද ගොඩනැගී තිබේ. එනම්, දිනක් මලියදේව මහරහතන් වහන්සේ අනුරාධපුරයේ සිට පොල්ගහවෙල හරහා වට්ටාරමට වඩින අතරමග දී හදිසියේ ඇදහැලුණු මහ වර්ෂාවක් නිසා අසල පිහිටි බෝරුක් සෙවනකට වැඩමකළ බවත්, එහිදී මෙම ශිලා මඤචය උන්වහන්සේ හට සෙවන සැලසූ බවත්ය. ශිලාමඤචයට වම් පසින් ඒ අසලම වූ බෝධිවෘක්ෂය ද ඉතා පැරණිය.

02. පදවිගම්පොළ කන්ද


පදවිගම්පොල ශිලා මඤචයට බටහිර දෙසින් කොස්කන්ද නම් වූ කඳුගැටයක් පිහිටා තිබේ. මේ කඳු පාමුල ජනාවාස පැතිර ඇති අතර මුදුන අවට වනාන්තරයක් පැතිර තිබේ. කඳු බෑවුමේ පෞද්ගලික ඉඩම්වලත් කටාරම් කෙටූ ලෙන් පැතිර තිබේ. සමහර ලෙන් ආරාම බවට පත්වී ඇත. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල් ලිපි දෙකක් කන්ද මත පිහිටි ලෙන්වලින් හමුවේ. එහි සඳහන් වන්නේ ප්‍රදේශයේ ප්‍රභුවරු විසින් සංඝයා වහන්සේට ලෙන් කරවා පූජා කිරීම ගැනය.

03. කොට වෙහෙරේ සේද සළුව


රඹුක්කන කුරුණෑගල පාරේ කි.මී. 4ක් දුරින් මාර්ගය අද්දරම දැලිවල රජමහා විහාරය පිහිටා තිබේ. කොට වෙහෙර පිහිටා ඇත්තේ විහාර බිමේ කුඩා කඳුගැටයක් මතය. ඒ වෙත පිවිසීමට පියගැට සකස් කර තිබේ. වසර 100ක් පමණ පැරණි විහාර මන්දිරය පිහිටා ඇත්තේ ද වෙහෙර අසලමය. කොටවෙහෙර යනුවෙන් හඳුන්වන්නේ මෙම දාගැබ් විශේෂයට කොත්කැරැල්ලක් පැවති බවට සාධක නිසා ලෙස සැලකේ. දැදිගම, යුදගනාව, පොළොන්නරුවේ දෙමළ මහා සෑය ආදී දාගැබ් ද මෙම සම්ප්‍රදායට අයත් ඒවා වේ.

වනවැදී තිබූ මේ බිම අවට පෙදෙසේ 1880 පමණ වන විට මිනිසුන් ජනාවාස තනා කැලෑ හෙළි පෙහෙළි කොට තිබේ. පසුව එහි පැරණි විහාරය එළිකරවා යළිත් භික්ෂුන් වහන්සේ කැඳවා පන්සලක් ඉදිකළ බව පැවසේ. මෙය ඉතාම පැරණි යුගයට අයත් දාගැබකි. වෙහෙර කැණීමේ දී සොයාගත් දේ අතර දාගැබේ මුල්ම අවධිය ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කර ගෙන තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1972 සිට වරින්වර මෙහි කැණීම් කරනු ලැබ ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් කැණීමේ දී ඉතාමත්ම සුරක්‍ෂිතව තිබී හමුවූ දාගැබ් ගර්භයයි. නිදන් හොරුන්ට එය හමුනොවීම අපගේ වාසනාවකි. පුරාවස්තු රැසක් දැලිවල කැණීම්වලින් මතුවී ඇත. වීදුරු පබළු රැසක් ඒ අතර වේ. මුතු පබළු අල්ලන ලද රෙද්දකින් වට කරන ලද කුඩා චෛත්‍ය කරඬුව ඉතාමත් වැදගත්ය. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු ජාතික රෙදි පිළිඳව විශේෂඥ ජුඩිත් කැමරන් මහත්මිය විසින් මේ පිළිබඳව කළ රසායනික පර්යේෂණ අනුව එම සළුව සේද රෙදි බව සොයා ගෙන තිබේ. එහි වයස වසර දෙදහස්‌ දෙසියයක් ලෙස නිර්ණය කර ඇත.‌ ලෝහමය කරඬුව ඇතුළු සේද සළුව සොයා ගනු ලැබ ඇත්තේ 2001 වසරේ කළ කැණීම් මගිනි. චෛත්‍යයේ හරිමැදින් පහළට කැණීම් කරන අවස්‌ථාවේ ඊට අඩි හතරකට පහළින් ලෝහමය කරඬුව හමුවී ඇත.

විහාර බිමේ ඉදිකර ඇති ධාතු මන්දිරයේ මෙහි කැණීම්වලින් ලැබුණු පළිඟු කරඬු, රන් කරඬු, මැටි කරඬු, බුද්ධ පුතිමා, ශෛලමය කැටයම් කොටස් ආදිය තැන්පත් කර තිබේ.ගඩොලින් කළ විශාල දාගැබ තවමත් සංරක්ෂණය නිම නොකළ තත්ත්වයෙන් පවතී. එයට යොදාගත් පැරණි ගඩොල් දාගැබ් මළුව අවට විසිරී තිබේ. වසර 100ක් පමණ පැරණි විහාර මන්දිරය දාගැබ අසලම දක්නට ලැබේ. ඒ අසලම පිහිටි ඝංඨාර කුලුනත් අවුරුදු 100ක් පමණ පැරණි යයි විශ්වාස කෙරේ.

04. කැලෑ දඹුල්ල


රඹුක්කන කුරුණෑගල පාරේ කි.මී. 8ක් දුරින් පිහිටා තිබෙනවා. විශාල ලෙන් විහාරයක් වන මෙය කලකට පෙර හැඳින්වූයේ කැලෑ දඹුල්ල ලෙසයි. දැන් එය දඹුල්ල කියන නමින්ම හදුන්වනු ලැබේ. රබර් වතුයායක් මැදිකරගත් ලෙනට පිවිසීමට කළුගලින් කළ පියගැට 350ක් තරණය කළ යුතු වේ. පියගැට පෙළ පාමුල නූතන සංඝාවස ගොඩනැගිලි පිහිටා තිබේ. පර්වතය මතට පිවිසුණු විට ලෙන් විහාරය, දාගැබ ආදී පූජනීය ගොඩනැගිලි දැකබලා ගත හැකියි. ලෙන් විහාරය තුළ දහඅට රියන් සැතපෙන බුදු පිළිමයක්, විෂ්ණු දේව පිළිමයක්, සහ ලෙව්කේ අදිකාරමගේ පිළිමයක් ඉදිකර තිබේ. මෙම ප්‍රතිමාව පසුකාලීනව අලුත්වැඩියා කර ඇති බව පෙනේ. උඩරට සම්ප්‍රදායට අයත් පැරණි බිතුසිතුවම් ද විහාරය අලංකාර කර ඇත.

05. බුලත්කොහුපිටිය දියඇලි පාරාදීසය


කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84 කි. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටියට ප්‍රා.ලේ.කොට්ටාසය ඉතා සුන්දර කඳුකර අත්දැකීම් විඳගත හැකි පෙදෙකි. මෙහි එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයටය. දේදුගල හා පැලැම්පිටිය ගම්වලින් මහනුවරට මායිම් වේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුද මට්ටමින් අඩි 4000ක් උසය. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසකි. බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් වැටී තිබේ. නමුන් මේ පාරේ මෝටර් රථ වැනි වාහනයකට යා හැක්කේ උඩපැලැම්පිටිය දක්වා පමණ යි. මෙය මාර්ගය සුන්දරම දර්ශන සහිත මාර්ගයකි. බුලත්කොහුපිටිය සිට දේදුගලට යන තෙක් කි.මී. 20ක් දුරට තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබේ. දේදුගල සිට පැලැම්පිටියට තවත් කි.මී. 7ක් කඳු නැගිය යුතු වේ. මේ සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරි ඇත. ඒ අතර දිය ඇලි ගණනාවකුත් දකින්න ලැබේ. කොළඹ සිට පැමිණ එක් දිනක් තුළ මේ අවට පිහිටි දියඇලි සියල්ලම දැකගැනීමට හැකිවීමත් සංචාරකයන්ට ලැබෙන විශේෂ වාසියකි.

06. රිටිගහ ඔය


කැළණි නදියේ ශාඛාවක් වන රිටිගහ ඔය උපත ලබන්නේ අඩි 4000කට වඩා උස දොලොස්බාගේ කඳුවලිනි. මේ ජල දහරාව බුලත්කොහුපිටිය හරහා වරාවල දක්වා ගලාගොස් කැලණි නදියට එක් වේ. දේදුගල සිට පහළට අලංකාර දසුන් මවමින් ගල් පර්වත බහුල සීඝ්‍ර නිම්නයක ගලා බසින මේ ඔය කුඩා ජල මාර්ගවලින් ද පෝෂණය වේ. ඒ අතර අලංකාර දියඇලි රාශියක් ද නිර්මාණය කරමින් සොබාදහම අලංකාරවත්ව දිස්වේ. මේ නිසා දියඇලිවල සම්පූර්ණ අලංකාරය නැරබීමට වර්ෂා සමයක සංචාරය කළ යුතු වේ. ස්නානය කිරීමට සුදුසු නාන තටාක රාශියක්ද රිටිගහ ඔයේ නිර්මාණය වී ඇත.

07. සුරඹා ඇල්ල


බුලත්කොහුපිටිය නගරයට නුදුරින් රුවන්වැල්ල පාරේ ගොස් හැරී ගමන් කරන විට සුරඹා ඇල්ල හමු වේ. කැළණි ගඟේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට මේ දියඇල්ලෙන් ගලන දිය දහර එක්වන්නේ වාගොල්ල හන්දියට මඳක් ඔබ්බෙන් තැනක දී ය. කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ හෝ අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් වාගොල්ල හන්දියට පැමිණ මේ සොඳුරු දියදහර ඔබට නැරඹිය හැකියි.

ඇල්ලට යාමට ප්‍රධාන මාර්ගයේ වාහන නවතා වැල් පාලමකින් එගොඩ වී ගැමි නිවෙස්‌ අසලින් වැටි අඩි පාර ඔස්සේ පියමං කළ යුතුයි. තවත් අතුරු මාර්ගයකින් කි.මි.4ක්‌ පමණ ගිය පසු ඇල්ල මුදුනටත්, එතැනින් ගල් පඩිපෙළ දිගේ නැවතත් වැල් පාලම අසලටත් ළඟා විය හැකියි. මේ පාරවල් ගැන ගැමියන්ගෙන් අසා දැන ගැනීමට පුළුවනි.

ප්‍රදේශයේ දෛනික ජල අවශ්‍යතා සේම ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදෙන සුරඹා ඇල්ල මීටර 35 ක්‌ පමණ උසය.

08. වෙළෙඳ ඇල්ල


බුලත්කොහුපිටිය දේදුගල පාරේ යන විට මුලින්ම ඔබේ නෙත ගැටෙන්නේ මේ දියඇල්ලයි. එම මාර්ගයේ කි.මී. 3.5 ක් යනවිට තුන්බාගේ විහාරය හමුවේ. රිටිගහ ඔය හරහා ඉදිකරන ලද පාලමක් එම ස්ථානයේ පිහිටා තිබේ. එම පාලමෙන් එගොඩ වී තේ වතු හරහා දිවෙන අඩි පාරක කඳු නගිමින් කි.මී. 2කට ආසන්න දුරක ගමන් කළ විට වෙළෙඳ ඇල්ල හමුවේ. දියඇල්ල උසින් මීටර 37 කි. දියඇල්ල නාරංගල කඳුවැටියේ ජල ධාරාවලින් නිර්මාණය වී ඇත. ගල්පර්වතය අවට ලිස්සන සුලු නිසා එය මතට නැගීම අනතුරුදායක විය හැකිය. දිය ඇල්ලෙන් පෝෂණය වන්නේ රිටිගහ ඔයයි.

09. රිකිල්ල ඇල්ල


රිටිගහ ඔයට එකතු වන රිකිල්ල ඇල්ල උසින් මීටර් 45ක් පමණ වේ. බුලත්කොහුපිටිය සිට දේදුගල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ඉදිරියට යනවිට උඩපොත ගම්මානයේ දී මේ සුන්දර දියඇල්ල අපට දර්ශනය වේ. එය කඳුවැටියක මුහුණත ලෙස පිහිටි පර්වතයක් ඔස්සේ කඩා හැලෙන අන්දම මහා මාර්ගයේ සිටම නැරඹිය හැකිය. රිකිල්ල යන නම ලැබී ඇත්තේ අතු රිකිල්ලක් මෙන් සිහින්ව ගලා හැලෙන නිසා බව සැලකේ. දිය ඇල්ලේ විශාල ජල ප්‍රවාහයක් දැකගත නොහැකිය.

10. නළඟන ඇල්ල


රිකිල්ල ඇල්ල නරබා කඳු බෑවුම් හරහා වංගු පසුකරමින් රිටිගහ ඔය නිම්නය දිගේ ඉදිරියට කි.මී. 9ක් ගමන් කළ විට නෙලුවක්ක ගම්මානය හමුවේ. අවට පැතිර තිබෙන කළුපහන රබර් වතුයාය ඔස්සේ නළඟන ඇල්ලට ගමන් කළ යුතු වේ. මෙම ප්‍රදේශයේ නැරඹිය හැකි විශාලම මෙන්ම අලංකාරම දියඇල්ල වන්නේ ද නළගන ඇල්ලයි. වැඩිම නරඹන්නනන් පිරිසක් පැමිණෙන ස්ථානයක් වශයෙන් ද මෙය සැලකිය හැකි ය. මහා මාර්ගයේ සිට පහළට අඩි පාරක රබර් වතු හරහා කි.මී. බාගයක් ගමන් කර ඇල්ල අසලට පැමිණීය හැකිය. ඇල්ලේ ජලයෙන් ක්‍රියාත්මක කුඩා ජල විදුලි බලාගාරයක් ද අපට දැකගත හැකි වේ. රබර් වතු යායේ යන්ත්‍රවලට ඉංග්‍රීසි පාලන සමයේ විදුලිය ලබා ගත් නමුත් දැන් අත්හැර දමා ඇති පැරණි ජල විදුලි බලාගාරයක් ද ඇල්ල අසලම දිස්වේ.

කොටස් කිහිපයක් වශයෙන් කඩා හැලෙන රිටිහග ඔයෙන් නිර්මාණය වූ දියඇල්ල උසින් මීටර් 40ක් පමණ වේ. එහි පළල මීටර් හතරකි. මේ අවට ඔයේ අලංකාර ජල තටාක රාශියක් පිහිටා ඇත. විවේක ගැනීමට මෙන්ම සොබා සුන්දරත්වය විඳීමටත් විශාල පිරිසක් නළඟන ඇල්ලට වෙත පැමිණේ.

11. රුක්මල් ඇල්ල


නළඟන ඇල්ලෙන් සමුගෙන මාර්ගයේ තවත් ඉහළට කි.මී. 2ක් යන විට එක්‌තරා වංගුවක දී ඔබට රුක්‌මල් ඇල්ල දැක ගත හැකිය. මීටර 10ක්‌ පමණ උසැති මෙම ඇල්ල ඉතා පුළුල් ගල් තලාවකින් කඩා වැටෙන ජල ප්‍රවාහයක්. එය නිර්මාණය වන්නේ ගඟවැරලිය වත්ත හරහා ගලා එන දෝතළු කන්දෙන් ආරම්භ වන ජල ධාරාවකිනි. පසුව මාර්ගය යටින් ගලායන ජලදහර රිටිගල ඔය පෝෂණය කරයි. ජලය අධික දිනවලදී තනි සුදු රෙද්දක්‌ ලෙස මෙය දැකිය හැකි වේ. එකල මහා මාර්ගයේ ගමන් කරන විට පවා ජල බිඳු පහස ලැබිය හැකිය..

12. උඩපැලැම්පිටිය පුංචි නුවරඑළිය


‘පුංචි නුවරඑළිය’ නමින් හඳුන්වන සුවදායක කඳුකර පරිසරයක් කෑගල්ල දිස්ත්‍රික්කයේත් තියන බව ඔබ දන්නවා ද? දේදුගල පසුකර උඩපැලම්පිටියට පැමිණි විට එම පරිසරය අත්විඳීමට ලැබේ. දේදුගල පාරේ බුලත්තොහුපිටියේ සිට කි.මී. 20ක දුරකින් පමණ මේ ගම්මානය පිහිටා ඇත. මහනුවර දිස්ත්‍රික් මායිමේ දොළොස්බාගේ කඳවල සමීප ලෙස මෙම ගම පිහිටා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයටත් තරමක් සමීපය.

දේදුගල සිට උඩපැලම්පිටියට කිලෝමීටර් හතක් විතර තිබේ. එම කිලෝ මීටර් හත ඇතුළත භූ විෂමතාව මුහුදු මට්ටමින් අඩි දෙදහස් හත්සියක් දක්වා ඉහළ යන නිසා එම මාර්ගය ශීඝ්‍ර බෑවුමක් සහිත වට වංගු පිරුණු මගකි. පරිසරවේදීන් උඩපැලම්පිටියට පුංචි නුවරඑළිය ලෙස හදුන්වන්න ට හේතු ගණනාවක් ඇත. ඉන් එකක් නම් හොඳින් අව්ව පායා ඇති දිනවල වුවද ප්‍රදේශය එක්වරම වැහි අඳුරකින් සහ තද මිහිදුමකින් වැසී යාමය. ඉහළ උසකින් යුක්ත නිසාත් දොළොස් බාගේ කඳු දෙසින් වරින්වර හමා එන සිසිලැල් සුළං නිසාත් පරිසරය සීතල ස්වභාවයෙන් යුක්ත ය. අවට තේවතු සහ ගෙවතුවලින් පිරී ඇත. රිටිගහ ඔය පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් වශයෙන් උඩපැලම්පිටිය හදුනාගෙන තිබේ.

උඩපැලම්පිටියේ සිට මේ දොළොස්බාගේ මාර්ගයට පිවිසෙන ස්ථානයේ හරිම අපූරු ස්වාභාවික ක‍පොල්ලක් පිහිටා ඇත. එම ස්ථානය අවට චමත්කාරය කදිමට දැකගත හැකි තැනකි. මෙම ස්ථානයට දර්ශනය වන සිරිපා කඳුවැටිය අතේ දුරින් ඇති සේ දැක ගත හැකිය. මිහිදුම නොමැති කාලවල දී කොළඹ නගරයේ ආලෝකය ද මේ ක‍පොල්ලට එපිටින් දර්ශනය වන බව ගම්මු පවසති. පැලැම්පිටිය පතන නමින් ආරක්ෂිත තණබිම් සහිත ප්‍රදේශයක් ද මෙහි නම් කර තිබේ. දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු නිසා උඩපැලම්පිටිය සංචාරක පහසුකම් අතින් පරිපුර්ණ වී නොමැත.

13. දියඇගිරි ඇල්ල


දේදුගල පැලැම්පිටිය හන්දියේ සිට ගම මැදින් ඇති අඩි පාරක ගමන් කර මේ ඇල්ල අසලට පැමිණෙන්න හැකිවේ. තේ වතු හා වන වදුලු මැදින් දිවයන අඩි පාරේ කි. මී. 2ක් පමණ පියමං කරන විට මීටර් 30ක් උස සුන්දර දියඇගිරි ඇල්ල දිස්වේ. පටු ගල්කුලු දෙකක් අතරින් ඇදහැලෙන දියඇල්ල කඩා හැලෙන තැන අපූරු ජල තටාකයක් නිර්මාණය වී ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ දොලොස්බාගේ කඳුවලින් උපත ලබනා මෙම ජල දහර එකතු වන්නේ කැලණි ගඟේ ශාඛාවක් වන වී ඔයට ය. එය යටියන්තොටින් කැළණි ගඟ සමග එක් වේ. මීට අමතරව කලුපහන ඇල්ල, වහරක ඔය ඇල්ල, කෙල්වින් ඇල්ල, වින්සර් ෆොරස්‌ට්‌ ඇල්ල වැනි තවත් සැඟවුණු දිය ඇලි ද මේ කඳුකරය අවට විසිරී තිබේ.

14. කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරයේ ණටබුන්


කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය විට හමුවන දේවාලගම මංසන්ධියෙන් පුස්සල්ල අතුරු මාර්ගයට හැරී කිලෝමීටර 3.5ක් පමණ ගමන් කළවිට යටිදොල පහළ පුරාණ රජමහා විහාරය හමුවේ. මෙම ලෙන් විහාරයට ගමන්කිරීමට විහාර භූමියේ සිට ශෛලමය පඩි 100කින් යුත් පියගලපෙලක් පවතී. මෙම කඳුවැටියේ පිටතට නෙරා ගිය පර්වතයක් යට මෙම ලෙන් විහාරය සාදා ඇත.

මෙහි පියස්ස සහිත බරාඳය අඩි 43 අඟල් 8ක් දිගය. විහාර ගොඩනැගිල්ලට දකුණින් ලෙණ තුල කුඩා දාගැබකි. ගොඩනැගිල්ලට ඉදිරියෙන් මෙන්ම පැත්තෙන්ද ඇතුල්වීමට පියසි පවතී.

මෙම ලෙන්විහාරයේ වම් පස බිත්තිය ඉදිරියේ විෂ්ණු රුවක්ද, හිඳී හා හිටි බුදු පිළිම 2ක් පවතී. පසු පසින් ගල ඉදිරියේ එකිනෙකට වෙනස් වූ හිඳී බුදු පිළිම 2ක් හා හිටි බුදු පිළිම 2කි. දකුණු පස බිත්තිය ඉදිරියේ අඩි 7 අඟල් 6ක් උස අඩි 6යි අඟල් 6ක් පළල වූ ද දැවැන්ත හිඳි පිළිමයකි.

මෙම විහාර මන්දිරයේ සියලු පිළිම වල බුදු රැස් වලල්ල අලංකාරව දක්වා තිබේ. හිටි පිළිමවල චීවරය රක්ත වර්ණයෙන් දක්වා ඇති අතර හිඳි පිළිමවල චීවරය කසා වර්ණය. ලෙන් විහාරයේ වහල් තලයෙහි මාර යුද්ධය දක්වා තිබේ. ඉදිරිපස බිත්තියේ දහම්සොඬ හා වෙස්සන්තර ජාතක කතා වස්තු වල සිද්ධි චිත්‍ර මාර්ගයෙන් නිරූපිතය. මෙම විහාරය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ ලෙව්කේ දිසාවගේ උපදෙස් මත බව හා පිලිම ශීර්ෂ අසමානුපාතික ලෙස විශාල කර ප්‍රතිසංස්කරණය කොට ඇති බව බෙල් මහතා වාර්තා කරයි.

මෙම පර්වතය මුලෙහි යටිදොල පහළට යාබදව කුඩා ලෙන් විහාරයක් ඇත. එහි මකර තොරණ නිරුපද්‍රිත ඇති නමුත් වර්ණය වියැකී තිබූ බව 1892 දී කෑගලු වාර්තාවේ සඳහන් වේ. පෘතුගීසීන් විසින් හිඳි බුදු පිළිමයක හිස කඩා එය අසල වූ ඇලක වලකට දමා ඇතැයි පවසන අතර එම දිය වල කොට බුදු වල යනුවෙන් එකල හඳුන්වනු ලැබූ බව සටහන්වේ.

15. අලි අනාථාගාරය - පින්නවල


කොළඹ - නුවර පාරේ කිලෝමීටර් 82 කණුව හැරවීමෙන් අලි අනාථාගාරය ඇමතීමට හැකිය. මෙය 1975 දී හෙක්ටයාර 7 ක පොල් වත්තක පිහිටුවා ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු අලි අනාථාගාරයයි. එපමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ජාතික සත්වෝද්‍යානයට යොමු වන අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ද භාවිතා වේ. ජාතික සත්වෝද්‍යානයේ කොටසක් ද දැනට මෙයට ආසන්නව විවෘතව පවතී.

මේ වන විට අනාථාගාරයේ පිරිමි සහ ගැහැණු අලි ඇතුන් 60 කට අධික සංඛ්‍යාවක් රැක බලා ගැනේ. අලි ඇත් පැටවුන් ඔවුන්ගේ මව්වරුන් විසින් අතහැර දමා ඇති හෝ ඔවුන්ට සුපුරුදු වන පරිසරයෙන් නෙරපා හරින ලද සතුන් මෙහි ගෙන එනු ලැබේ. අද වන විට අලි අනාථාගාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ සොබා දහමට ආදරය කරන්නන්ගේ ප්‍රියතම ස්ථානයක් බවට පත්ව ඇත.

16. පින්නවල සත්වෝද්‍යානය


පින්නවල සත්වෝද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රථම විවෘත සත්වෝද්‍යානය වන අතර එය මහජනතාව විවෘතව ඇත. සත්වෝද්‍යානය සැලසුම් ඇත්තේ සතුන්ගේ වාසස්ථාන ආශ්‍රිත පරිසරයක සතුන්ව ප්‍රදර්ශනය කිරීම සඳහාය. මෙය අරඹා ඇත්තේ කිරීම 2015 අප්‍රේල් 17 දිනය.

17. කුරුළු කැලේ - කෑගල්ල


මෙහි පාරිසරික වැදගත්කම නිසා සංකල්පයක් ලෙස කුරුලුකැලේ, මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කර ඇත. කුරුළු කැලේ මායිම කොළඹ - නුවර මාර්ගයට පැමිණෙන තෙක් එක් පසෙකින් ද බණ්ඩාරනායක මාවතට පැමිණෙන තෙක් අනෙක් පසින් ද පිහිටා ඇත.

එය මුහුදු මට්ටමේ සිට මීටර් 580-750 ක් උසින් පිහිටා ඇත. එහි විශාලත්වය හෙක්ටයාර 13.2 ක් පමණ වේ. මෙම වනාන්තරයට ඇතුල් වන ස්ථානයේ අධ්‍යයනය සහ විවේකය සඳහා සතුටු පිහිටුවා ඇත. තපෝවන ආරණ්‍ය සේනාසනය ද වන එහි මැද පිහිටා ඇත. මෙහි ශ්‍රී ලංකාවේ කුරුල්ලන් 92 ක් පමණ සිටින අතර ඉන් 33 ක් ශ්‍රී ලංකාවට ආවේණික වේ. සමනලුන් වර්ග 81 ක්, උරග විශේෂ 25 ක් සහ ගොළුබෙල්ලන් වර්ග නවයක් ද ඇත. දේශීය ඖෂධ වර්ග ද තිබේ. කුරුලු කැලේ බොහෝ පක්ෂීන්, සමනලුන් සහ උරගයින් නිරීක්ෂණය කළ හැකිය.

කෑගල්ල නගරයේ පිහිටා ඇති මෙම වනාන්තරය පරිසරය පිළිබඳ අධ්‍යයනය කරන්නන්ටඅනගි පර්යේෂණාගාරයකි.

18. අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය


කෑගල්ල දිස්ත්‍රික්කයේ අත්තනගොඩ නිස්කලංක ගම්මානයේ පිහිටා ඇති අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය මහනුවර යුගයේ වාස්තුවිද්‍යාත්මක හා සංස්කෘතික උරුමයන් පිළිබඳ විශිෂ්ට සාක්ෂියකි. එහි අද්විතීය ටැම්පිට විහාර ශෛලියෙන් යුත් මෙම විහාරස්ථානය බෞද්ධ සම්ප්‍රදායේ සහ කලාත්මක විශිෂ්ටත්වයේ ආලෝකයකි. අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය මහනුවර යුගය දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම කාල පරිච්ඡේදය දිවයිනේ සංස්කෘතික, ආගමික සහ වාස්තු විද්‍යාත්මක භූ දර්ශනය සඳහා එහි දායකත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, මෙම විහාරස්ථානය මෙම කීර්තිමත් අතීතයේ සජීවී මතක් කිරීමක් ලෙස සැලකිය හැකිය.

වැඩි විස්තර විස්තර කියවන්න

විශාල ආගමික හා සංස්කෘතික සමෘද්ධිමත් කාලයක් වූ මහනුවර යුගය, විහාර බිත්ති තුළ විචිත්‍රවත් ලෙස සංවෘත වී ඇත. එහි ගෘහනිර්මාණ ශිල්පය සහ කලාත්මක බව එම කාලපරිච්ඡේදයේ සුවිශේෂී ශෛලිය සහ අධ්‍යාත්මික භක්තිය පිළිබිඹු කරන අතර, බැතිමතුන්ට සහ ඉතිහාසඥයින්ට අතීතය දෙස බැලීමක් ලබා දෙයි. විහාරස්ථානයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ටැම්පිට විහාර වාස්තුවිද්‍යාත්මක ශෛලියට අනුගත වීමයි. ගල් කණු මත උස් වූ දේවාල ව්‍යුහයකින් සංලක්ෂිත මෙම ශෛලිය, යටින් ඉඩක් නිර්මාණය කිරීම, යුගයේ නව්‍ය ඉදිකිරීම් ශිල්පීය ක්‍රමවල ලක්ෂණයකි.

පන්සලේ ඉදිකිරීම් සඳහා දැව රාමු, මැටි උළු සහ සංකීර්ණ කැටයම් කළ ලී පැනල් ඇතුළු සම්ප්‍රදායික ද්‍රව්‍ය සහ ශිල්පීය ක්‍රම භාවිතා කරයි. මෙම මූලද්‍රව්‍ය දේවමාළිගාවේ සෞන්දර්යාත්මක ආකර්ෂණයට දායක වන අතර එය ඉදිකරන්නන්ගේ දක්ෂ ශිල්පීය හැකියාව පෙන්නුම් කරයි.

19. මාවනැල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය


දැඩිමුණ්ඩ දෙයියෝ සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවා යැයි විශ්වාස කෙරේ. දෙවියන්ගේ නාමයෙන් ඇඟවෙන්නේ ඔහු ශක්තිමත් හා බලවත් පෞරුෂයකින් යුත් දැඩි හා දැඩි හදවතක් ඇති බවයි.

හිඟුල කඩමණ්ඩියේ සිට සැතපුම් දෙකක් පමණ දුරින්, දැඩිමුණ්ඩ දෙවියන්ගේ සිද්ධස්ථානයට යන මාර්ගයක් අලුත්නුවර අභ්‍යන්තරයට ඇත. කුඹුරු හා ගෙවතු පසුකර, උස් ගල් බිත්ති කණු සහිත අම්බලමක් දර්ශනය වන්නේ පෙර දිනවල වෙහෙසට පත් මගීන්ගේ ගිමන් හලක් පැවති බවයි. තව දුරටත් ගමන් කරන විට, පියගැට පෙළක් 'මළුව' (සංයුක්තය) වෙතට ගමන් කරයි. ටික දුරක් ගිය තැන අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.

අලුත්නුවර දේවාලයට පැමිණීමට නම් අරණායක, රඹුක්කන, මාවනැල්ල ආදී ප්‍රදේශවල ජනතාව තම ගෙවත්තේ නිෂ්පාදන රැගෙන දිනපතා පැමිණෙන කාර්යබහුල කඩයක් වූ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ මාවනැල්ලට සැතපුම් දෙකක් දුරින් හිඟුල දක්වා යා යුතුය. ඔවුන් එක්කෝ පයින් හෝ ගොන් කරත්ත භාවිතා කළහ. ප්‍රතිපාදන වෙනුවට කෝපි, ගම්මිරිස්, පුවක් සහ කෙසෙල් මිලදී ගත් චෙට්ටියාර්වරු වෙළඳාමේ ආධිපත්‍යය දැරූහ. මෙය දෙවන ලෝක යුද්ධයට පෙර දර්ශනය විය.

මෙම උපකරණය විශේෂ නමස්කාර ස්ථානයක් ලෙස සැලකේ. බදාදා සහ සෙනසුරාදා දිනයන් වන කෙඹුර දිනවල දෙවියන්ට පූජා කිරීමට හා භාරයන් කිරීමට මිනිසුන් පැමිණේ. බොහෝ දුරට යක්ෂ හෝ භූතා යන නපුරු ආත්මයන් නිසා ඇති වන බව ඔවුන් සලකන රෝගවලින් පීඩාවට පත් වූවන්, ඔවුන්ගේ රෝග සුව කිරීමට දෙවියන්ට බලය ඇති බවට විශ්වාසයක් ඇත. දෙවියන්ගේ ආශිර්වාදය පතා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනයාපැමිණෙති. සිද්ධස්ථානය දඹදෙණි යුගයේ ඉදිකරන ලද්දකි. මෙය පිහිටියේ නම්පොතෙහි ගල්ගනේ පුරාණ රජමහා විහාරය සඳහන් වන කඳු ගැටයට ආසන්නයේය .

දෙවන පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදය බලා යන අතරමග අලුත්නුවර හරහා ගමන් කරන විට එම ස්ථානය පිළිබඳව දැඩි පැහැදීමක් ඇති වූ බව විශ්වාස කෙරේ. ඉන්පසු ඔහු තම බිසව වූ ගිරිවාස සුනේත්‍රා දේවියගේ දේපළ පත්තු ගම්මානය විහාරස්ථානයට පරිත්‍යාග කිරීමට තීරණය කළේය.

මේ කාලයේ දෙවිනුවර ගලතුරුමූල විහාරයේ සිට භික්ෂුන් වහන්සේ නමක් මෙහි වැඩ වාසය කිරීමට පැමිණ ඇත . විහාරස්ථානයට නුදුරින් අස්සද්දන පිරිවෙන ආරම්භ කළ නිසා උන්වහන්සේ අස්සද්දන පිරිවෙන්හිමි යන නමින් හඳුන්වනු ලැබූහ. උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයෝ වත්මන් කිර්ති ශ්‍රී රජ මහා විහාරයේ වැඩ වාසය කරති . දෙවන පරාක්‍රමබාහු රජු දැඩි ලෙස රෝගාතුර වී කතා කිරීමට අපහසු වූ බව පැවසේ. ඔහුගේ මහ ඇමති දේවපති රාජා දෙවිනුවරට පැමිණ උපුල්වන් දෙවියෝ රජුට ඉක්මන් සුවය පතා පුද පූජා කළහ.

රජුගේ අසනීපය සුව කළ නොහැකි බව සිහිනෙන් මහ ඇමැතිවරයාට දන්වන ලදී. දේව ආභරණ රැගෙන දඹදෙණියට පැමිණි ඔහු තමාගේ අමුතු අත්දැකීම රජුට දැන්වීය. රජු මිය ගියේය. දෙවියන්ගේ බුවනෙකබාහු රජතුමාටත්, අස්සද්දන පිරිවෙනේ නායක හාමුදුරුවන්ටත් හීනයක් තිබුණා.

උපුල්වන් දෙයියෝ වෙනුවෙන් දේවාලයක් ඉදිකරන ලෙස දේවාලයක් ඔවුන්ට දන්වා තිබුණි . ඒ අනුව ලෙන් විහාරය ආසන්නයේම දේවාලයක් ඉදිවිය. සුප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙකු විසින් උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමාවක් සපු ලීයෙන් කොටා අලුතින් ඉදිකරන ලද දේවාලයේ ප්‍රතිමාව තැන්පත් කරන ලදී. සපු ගස පිහිටි ස්ථානය සපුගත්තර නමින් හැඳින්විණි. දෙවියන්ගේ ආභරණ දෙවිනුවර සිට ගෙනවිත් අලුත්නුවර දේවාලයේ තැන්පත් කර ඇත.

ප්‍රධාන දේවාලයට ආසන්නයේ කුඩා දේවාලයක් ඉදිකර ඇත. මහනුවර පළමුවන විමලධර්මසූරිය රජු සමය දක්වාම රජවරුන් සහ ප්‍රධානීන් දේවාලය පවත්වාගෙන යාමට ඉඩම් ඇතුළු වටිනා ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇත. පෘතුගීසීන් මහනුවර ආක්‍රමණය කළ විට ඔවුන් යන අතරමගදී දේවාලය කොල්ල කෑහ. එබැවින් ආරක්‍ෂාව සඳහා උපුල්වන් දෙවියන්ගේ රූපය සෙනරත් රජුගේ පාලන සමයේදී ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ තැන්පත් කර ඇත. මේ කාලයේදී හින්දු විශ්වාසයන් සහ නමස්කාරය ජනප්‍රිය විය.

මේ අනුව මහනුවර උපුල්වන් දේවාලය මහා විෂ්ණු දේවාලය ලෙස හැදින්විය. උපුල්වන් දේවාලය මහනුවරට ගෙන යාමත් සමඟ අලුත්නුවර ඉතිරිව ඇත්තේ දැඩිමුණ්ඩ දේවාලය පමණි.