Our customer support team is here to answer your questions. Ask us anything!

LMB හදුන්වාදීම

LMB බැංකුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රමුඛතම මුල්‍ය ආයතනයකි. වසර 75කට වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියන LMB බැංකුව අද වන විට රුපියල් බිලියන 7.5 කට අධික මුල්‍ය වත්කමකට හිමිකම් කියයි. අපගේ මුල්‍ය සේවාවන් කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය පුරාවටම සිදු කෙරේ. LMB සාමාජික සංඛ්‍යාව අද වනවිට 60,000 ඉක්මවා ඇත. අපගේ ශාඛා ජාලය ප්‍රාදේශික බැංකු ශාඛා අටකින් (08) සහ නගර බැංකු ශාඛා (02) දෙකකින් සමන්විත ව කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වේ. එසේම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සියලුම සමුපකාර සමිති, සංවිධාන අතර ප්‍රමුඛතම ස්ථානයේ අප සිටියි. අපගේ ණය පහසුකම් ලැබූ සාමාජික සංඛ්‍යාව 15,000 කට අධිකය. LMB හි අනාගත ඉලක්කය වනුයේ තාක්ෂණයට අනුගත නවීන බැංකුකරන පහසුකම් අපගේ සාමාජික භවතුන් වෙත ලබා දීමය. ඒ යටතේ වෙනත් වාණිජ බැංකු අතර ගණුදෙනු කිරීම, අන්තර්ජාල බැංකු පහසුකම සහ ජංගම දුරකථන මගින් සිදුකරන බැංකු ගණුදෙනු පහසුකම් ලබා දීම සිදු කිරීමට නියමිතය. එසේම ඉදිරි අනාගතයේ දී අපගේ ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද බලාපොරොත්තු වේ.

ප්‍රධාන කාර්යාල පරිශ්‍රය, රඹුක්කන, මාවනැල්ල පාර, අංක: 133 ස්ථානයේ පිහිටා ඇත.

LMB දැක්ම

දැක්ම

සමුපකාර ප්‍රතිපත්ති සාරධර්ම හා පරමාර්ථවලට අනුව කටයුතු කරමින් කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගේ සවිමත් අත්වැල බවට පත් වීම.

මෙහෙවර

අපගේ වටිනාම සම්පත වන බැංකුවේ කොටස් හිමි සාමාජිකයන්ගේ ප්‍රාග්ධනය සඳහා මුල්‍ය වෙළදපල තුළ ලැබිය හැකි ඉහලම ප්‍රතිලාභ ලබා දීමත්, බැංකුවේ ස්ථිර තැන්පත්කරුවන් තෘප්තිමත් වන පරිදි තරගකාරී මූල්‍ය සේවාවක් සැපයීමත්,

සමස්ත සාමාජිකත්වයට ගෞරවාන්විත ජිවන තත්ත්වයක් පවත්වා ගෙන යාමට මුලිකව අවශ්‍ය වන මුල්‍යමය අවශ්‍යතා සපුරාලීම පිණිස බැංකු ක්ෂේත්‍රයේ භාවිතා වන නවීන තාක්ෂනය උපයෝගී කර ගනිමින් ගත හැකි උපරිම ශක්තින් හා ක්‍රියාමාර්ග ගැනීමත්, ඒ සඳහා අපගේ කාර්යයන් ප්‍රසාරණයට ලක් කිරීම තුළින් විවිධ මංපෙත් සොයා යාමත්,

බැංකුවේ පැවැත්ම වෙනුවෙන් විවිධ ක්‍රමෝපායන් මගින් දායකත්වය ලබා දෙන සාමාජිකත්වය වෙනුවෙන් ලබා දිය හැකි උසස්ම සාමාජික සුබ සාධන පහසුකම් ඇති කරලීම තුළින් සාමාජික පවුල් ඒකක තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කිරීමත්,

ඉහත කී සියලු සේවාවන් සැපයීමට විශිෂ්ඨත්වයකින් කටයුතු කිරීමට කැපවන දිරිමත් කාර්ය මණ්ඩලය සංවර්ධනය කොට රඳවා ගැනීමත්, ඒ සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දෙන ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ගරු නියෝජිත මහා සභාවේ හා කාරක සභාවන්හිත් ශක්තිය තුළින් සැබෑ සමුපකාර සමාජයක් බිහි කිරීමට උරදීම අපගේ මෙහෙවරයි.

අපගේ අරමුණු (පරමාර්ථ)

සමුපකාර ප්‍රතිපත්ති සාරධර්ම හා ආචාර ධර්මවලට අනුකූලව සාමාජිකයන් ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා සුබසාධන හැකියාවන් වර්ධනය කිරීමත්, සාමාජිකයන්ට යහපත් ජිවන තත්ත්වයක් පවත්වාගෙන යාමට මුලික වන මුල්‍ය අවශ්‍යතාවන් සපුරාලීමත්, සාමාජිකයන් තුළ සකසුරුවම්කම, අන්‍යෝන්‍යබව , ආත්මාධාරය, සහජීවනය හා මානව දයාව පිළිබද හැගීම් හා ව්‍යවහාරයන් වර්ධනය කිරීමත් ඒ තුළින් සමුපකාර සමාජයක් බිහිකිරීමත් ය.

බැංකුවේ ගීතය

යුක්ති රශ්මි දුලනී
දයා දියෙන් සනනී
ප්‍රජා සවින් බරිනී
ධන සරකුම සිරිමා ජනනී//

ස්වෛරි සෘජු බව සමසිත දරමින
සමගිව නිති සැමහට අතහිත දෙන
නෙක දන දිවි සරි වෙන ස‍වි ලැබ දෙන
සම උපකාරෙන් අප සැම දිනවන

යුක්ති රශ්මි දුලනී
දයා දියෙන් සනනී ........

කිතුමිනි දසුනින් ජන සෙත සැලසූ
සිව් කෝරළයේ ජය දද නැංවූ
කෑගලු අභිමන් ලකබර විහිදූ
ඉඩම් උගස් බැංකුව දන දිනවූ

පද රචනය  -  උදිත් චන්ද්‍රභානු තෙන්නකෝන් මයා
සංගීතය  -  සී. පොල්පිටිය මිය
ගායනය  -  බැංකුවේ සංගීත අංශය
සංකල්පය  -  ගරු සභාපති ඒ.ටී.එම්. අනුර කුමාර තෙන්නකෝන් මහතා


අපගේ සේවාවන්