Our customer support team is here to answer your questions. Ask us anything!

LMB ඉතිහාස කතාව

සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මැතිවරණ කොට්ඨාශය පෙර මෙන්ම අදත් ග්‍රාමීය ජන ජීවිතයට හුරු වූ ජන සමාජයක් දැකිය හැකි කෘෂි ආර්ථික ක්‍රමයක් ව්‍යාප්ත වී ඇති සරුසාර භුමි ප්‍රදේශයකි. ස්වභාවික සෞන්දර්ය වැඩි කරමින් ප්‍රදේශයේ ඇලදොළ, ගංගා රාශියක් ගලා බසින අතර රක්ෂිත වනාන්තර කිහිපයක්ම ප්‍රදේශයේ පැතිරි ඇත. තැනිතලා මිටියාවත් සහ කඳු වැටි ප්‍රදේශයට ගෙන දෙන්නේ චිත්තාකර්ෂණීයභාවයකි.

මිට දශක කිහිපයකට පෙර එනම් 1940 - 1950 අතර බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඇතිවූ යුරෝපීය යුධ ගැටුම් නිසා මෙරට ජනයාගේ පාරිභෝගික අවශ්‍යතා සඳහා විවිධ සංවිධාන ඉදිරිපත් වුනි. නමුත් එකල ග්‍රාමීය ජනයාගේ ණයගැතියිභාවය, දිළිඳුකම, නිවාස ගැටළු සහ රැකියා විරහිතභාවය තුරන් කිරීමට විධිමත් වූ මහජන සංවිධාන ප්‍රදේශයේ නොමැතිකම ජනයා මුහුණ දුන් බරපතල ගැටලුවකි. එවකට ජන සමාජය මුහුණ දුන් ආර්ථික ගැටළු පිලිබදව මනා අවබෝධයක් තිබු දිවංගත දේශබන්ධු එන්. එච්. කීර්තිරත්න මැතිතුමා ගේ ‘හිසට සෙවනක් හිතට නිවනක්’ සංකල්පය මත 1948 වර්ෂයේදී 13 දෙනෙකුගෙන් සමන්විත පුද්ගල කණ්ඩායමක එකමුතුවෙන් සමිති සංවිධානයක් ආරම්භ කරන ලදී.

අන්‍යෝන්‍ය සහයෝගය, ආත්මාධාරය සහ පරෝපකාරය සංකල්ප පෙරදැරි කරමින් සමුපකාර ක්‍රමයට අනුව ඇරඹි මෙම සමිති සංවිධානය මුල් වකවානුව තුළ එතුමාගේ නිවසේ කුඩා කාමරයක් තුළ ක්‍රියාත්මක වුනි. පසුකාලීනව සමිතියේ අරමුණු සහ පරමාර්ථවලට අනුකූලව විධිමත් පරිදි ව්‍යවස්ථා මාලාවක් සකස් කිරීමෙන් අනතුරුව 1952 වර්ෂයේදී ණය දෙන සමුපකාර සමිති සංවිධානයක් ලෙස අංක : KE 05 යටතේ එවකට සමුපකාර දෙපාර්තමේන්තුවේ සි.ස. කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව නමින් ලියාපදිංචි කොට නෛතික තත්ත්වය ගොඩ නැගුණි.

සමිතිය ආරම්භ කළ මුල් අවධියේ පටන් දශක 3 කට වැඩි කාලයක් බැංකුවේ නිර්මාතෘ එන්. එච්. කිරිතිරත්න මැතිතුමාගේ නිවසේ මුල්‍ය සේවාවන් සිදු කළ බැංකු ව්‍යාපාරය 1981 දී මිලී කීර්තිරත්න මැතිණිය විසින් පරිත්‍යාග කරන ලද බිම් කොටසක ඉදි කෙරුණු වර්තමාන කාර්යාල සංකීර්ණය වෙත රැගෙන එන ලදී.



ආරම්භක අවධිය තුළ ක්‍රියාකාරී සාමාජික පිරිස


අපගේ සේවාවන්