Our customer support team is here to answer your questions. Ask us anything!

ණය යෝජනා ක්‍රම (Loans)

මුලික වශයෙන් ණය යෝජනා ක්‍රම 02 ක් ක්‍රියාත්මක වේ.
  • 01. දේපල සුරැකුම් ණය සේවාව
  • 02. පුද්ගල ඇප මත ණය සේවාව
01 දේපල සුරැකුම් මත ණය සේවාව
  • • රු. මිලියන 05 ක් දක්වා උපරිම ණය මුදලක්.
  • • බැංකුව පිළිගනු ලබන ඕනෑම අවශ්‍යතාවයක් සඳහා අරමුදල් සැපයීම.
  • • නිරවුල් සුරැකුම් ලේඛණ සමග අවම ලියකියවිලි.
  • • කොන්දේසි සහිතව දෙපාර්ශවය එකඟ වූ ණය ගිවිසුමකි.
02 පුද්ගල ඇප මත ණය සේවාව
  • • රුපියල් මිලියනය දක්වා ණය පහසුකම්.
  • • සුරැකුම් වශයෙන් දේපල ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
  • • බැංකුව පිළිගනු ලබන ඕනෑම ණය අවශ්‍යතාවයක් වෙනුවෙන් අරමුදල් සපයන සාමාන්‍ය ණය යෝජනා ක්‍රමයකි.
  • • කොන්දේසි සහිතව දෙපාර්ශවය එකඟ වූ ණය ගිවිසුමකි.
පුද්ගල ඇප මත සාමාන්‍ය ණය ක්‍රමය යටතේ හඳුන්වා දී ඇති අනෙකුත් ණය පහසුකම්
  • • LMB හරිත ණය - විදුලි බල අවශ්‍යතාවය සඳහා හඳුන්වා දී ඇති සූර්ය පැනල සවි කිරීම වෙනුවෙන් වන ණය යෝජනා ක්‍රමයකි.
  • • ඩයමන් ණය - ව්‍යාපාරිකයින් සඳහාම වෙන් වූ යෝ‍ජනා ක්‍රමයකි.
  • • ඉසුරු මඟ ව්‍යාපෘති ණය - විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් ව්‍යවසායකයින් සඳහා වන ණය යෝජනා ක්‍රමයකි.
  • • විශ්‍රාම වැටුප් ණය - බැංකුව වෙතින් විශ්‍රාම වැටුප් ලබන ජේෂඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රමයකි.
  • • විදේශ වන්දනා ණය - විදේශ රට වල පූජනීය ස්ථාන නැරඹීමට අපේක්ෂිත සාමාජිකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රමයකි.
  • • පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයින් සඳහා ක්‍රියාත්මක රු. 250,000.00 ක් දක්වා වූ ණය යෝජනා ක්‍රමය.
  • • ගැමි අරුණ - පාරිභෝගික ණය සේවාව සඳහා මුල්‍ය පහසුකම්.
  • • රාජ්‍ය සේවක ණය - රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක යෝජනා ක්‍රමයකි.
  • • ක්ෂනික ණය - රු. 100,000.00 ක් දක්වා වූ එම මොහොතේම ලබා ගත හැකි යෝජනා ක්‍රමයකි.
ඕනෑම ණය මුදලක් අයදුම් කිරීම සඳහා සම්පූර්ණ කල යුතු පොදු කරුණු
  • • අයදුම්කරු කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය.
  • • අයදුම් කරණු ලබන ණය වර්ගයට අනුව බැංකුව විසින් තීරණය කොට ඇති අනිවාර්ය තැන්පතුව සම්පූර්ණ කළ යුතුය.
  • • සාමාජිකත්වය ලබා මාස 03 කට පසු ණය මුදලක් අයදුම් කල හැකිය.
  • • අයදුම් කරන්නේ දේපල සුරුකුම් මත ණය මුදලක් නම් නිරවුල් සහිත ‍සුරකුම් ලේඛන සහ පුද්ගල ඇප 02 ක් ඉදිරිපත් කළ යුතුය.
  • • අයදුම් කරනු ලබන්නේ දෙපල සුරුකුම් මත ණය මුදලක් නොවන විට පුද්ගල ඇප 02 ක් හා අවශ්‍ය අනෙකුත් ලේඛණ ඉදිරිපත් කළ යුතුය.

අපගේ සේවාවන්