Our customer support team is here to answer your questions. Ask us anything!

බැංකුවේ මුල්‍ය හා පරිපාලන කටයුතු සඳහා වලංගු වන නෛතික මුලාශ්‍ර හා රාජ්‍ය නියමයන්
  • LMB බැංකුව මුල්‍ය කටයුතු සිදු කිරීමේදී බලපවත්වන නෛතික පසුබිම පිළිබද අප විස්තර කර ඇත. පහත දැක්වෙන අණපනත් බැංකු මුල්‍ය කටයුතුවලදී බලාත්මක වන අතර වර්තමානයේ බැංකුවේ මුල්‍ය සහ අධිකරණ බල ප්‍රදේශය වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය පමණි.
  • 01. 1936 අංක : 16 දරණ සමුපකාර සමිති ආඥා පනතේ සදහන් 1949 අංක : 21 සංශෝධිත සමුපකාර සමිති පනත. ( ලියාපදිංචිය )
  • 02. 1972 අංක : 05 දරණ සමුපකාර සමිති පනතින් සම්පාදිත රෙගුලාසි
  • 03. 2007 අංක : 03 දරණ සබරගමු පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය මඟින් සම්පාදිත රෙගුලාසි.
  • 04. 1972 අංක : 12 දරණ සමුපකාර සේවක කොමිෂන් පනතින් සම්පාදිත රෙගුලාසි.
  • 05. සබරගමු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්වරයා විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ.
  • 06. සබරගමු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ.


අන්තර්ජාල හා ජංගම දුරකථන සාමාජික නඩත්තු සේවා සඳහා භාවිතා කිරීමේදී ආරක්ෂා වීමට උපදෙස්
  • • සාමාජික ලියාපදිංචිය සිදු කිරීමේදී, සාමාජිකයන්ගේ පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණයන් හා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට LMB බැංකුව සෑම විටම කටයුතු කරයි.
  • • ඔබගේ පරිගණකය හෝ ස්මාර්ට් දුරකථනය සෑම විටම අනුමාන කිරීමට අපහසු රහස් ඛේතයක් භාවිතා කරන්න. එම ඛේතය කිසිවෙකුටත් හෙළි කිරීමෙන් වළකින්න.
  • • ඔබගේ පරිගණකය හෝ දුරකථනය අනාරක්ෂිත ස්ථානයක තබා යාමෙන් වළකින්න.
  • • බැංකුකරණ (සාමාජික නඩත්තු) කටයුතු හෝ ඊමේල් පරීක්ෂා කිරීම සඳහා අනාරක්ෂිත Wi-Fi සම්බන්ධතා භාවිතා කිරීමෙන් වළකින්න.
  • • අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ ගිණුම් තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින්න.
  • • LMB බැංකුව අන්තර්ජාල බැංකුකරණ කටයුතු මෙතෙක් අරඹා නැත. එනිසා ඔබගේ LMB බැංකු ගිණුමට අදාල ගණුදෙනු අන්තර්ජාලය හරහා සිදු නොවෙයි.
  • • LMB බැංකුව පාරිභෝගික භවතුන්ගේ ගිණුම් පිළිබද තොරතුරු අන්තර්ජාලය හරහා ඉල්ලීම් සිදු නොකරයි. එවන් ඉල්ලීම් ලැබෙන කිසිදු ඊමේල් පණිවිඩයක් හෝ සබැඳි (Links) සඳහා ප්‍රතිචාර දැක්වීම පාරිභෝගික භවතුන් විසින් සිදු නොකළ යුතුය.

දත්තවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම
  • • LMB බැංකුව ඔබගේ තොරතුරු ඉතාමත් වැදගත් හා වටිනා වත්කම් ලෙස සලකනු ලබයි. ඔබගේ තොරතුරු වල රහස්‍යභාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ප්‍රමුඛත්වය ලබාදෙන්නෙමු.
  • • නීතිවිරෝධී පිවිසීම්, තොරතුරු එක්රැස් කිරීම, අනවසර භාවිතා කිරීම, අනවසර අනාවරණය කිරීම, පිටපත් කිරීම, දත්ත වෙනස් කිරීම, දත්ත මකා දැමීම හෝ එවැනි වෙනත් අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීම සහ බැංකුව පාලනයේ පවතින පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා LMB බැංකුව සෑම විටම උත්සාහ කරයි.
  • • මෙහිදී අපගේ ගණුදෙනුකාර භවතුන් වෙත ද වගකීමක් පැවරෙන බව සිහිපත් කළ යුතු වේ. ඒ සඳහා ඉහත දක්වා ඇති පියවර අනුගමනය කළ යුතු බව සඳහන් කළ යුතුය.

අපගේ සේවාවන්