LMB බැංකුව ලබා ඇති ජයග්‍රහණ සහ ප්‍රධාන මංසලකුණු
- • ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් පැවැත්වු “සියවසක සැමරුම” 2010 වසරේ පැවැත්වු ශ්‍රී ලංකාවේ සමුපකාර සංවිධාන සඳහා වු ජාතික කාර්ය සාධන තරඟාවලියේදී විශිෂ්ටත්වයට පත්වීම වෙනුවෙන් රිදී සම්මානයෙන් සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව පිදුම් ලබන ලදී.
- • 95 වන ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිති කරගෙන 2017 වර්ෂයේදී කෑගල්ල දිස්ත්‍රික්කය තුළින් තෝරන ලද සමුපකාර සමිති අතරින් ප්‍රථම ස්ථානය සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව හිමි කර ගන්නා ලදී.
- • 96 වන ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිත්තෙන් හොඳම මුල්‍ය සේවා සපයන වෙනත් සමුපකාර සමිති තේරිමේ තරඟාවලියේදී 2018 වසරේදී දෙවන ස්ථානය සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව හිමි කර ගන්නා ලදී.
- • 2021 වසරේදී පැවැත්වු කාර්ය සාධන තරඟාවලියේදී සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිදුන් සුරතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී.
- • 2023 වසරේදී 101 වන ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිත්තෙන් සමුපකාර සමිති කාර්ය සාධන තරඟාවලියේදී රන් සම්මානයෙන් සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව පිදුම් ලැබීය.








