Our customer support team is here to answer your questions. Ask us anything!

LMB සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේද?

  • LMB බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබද ව්‍යවස්ථාපිත නියෝග පහත දක්වා ඇත.
  • බැංකුවේ අනුමත අතුරු ව්‍යවස්ථා මාලාවේ අංක: 02.01, 02.02, 02.03 වගන්ති වලට අනුකූලව සාමාජිකයන් බඳවා ගැනීමේදී පහත සඳහන් කාරක නියෝග අනුව ක්‍රියා කළ යුතුය:
    • • බැංකුවේ සාමාජිකත්වය අයදුම් කරන අය බැංකු බල ප්‍රදේශය (කෑගල්ල දිස්ත්‍රික්ක) තුළ ස්ථිර පදිංචිය හෝ ස්ථිර දේපලක් හිමිව තිබෙන අයෙකු විය යුතුය.
    • • වයස අවුරුදු 18 ට අඩු අය සාමාජිකයින් වශයෙන් බඳවා නොගත යුතුය.
    • • සාමාජිකත්වය ඉල්ලුම් කිරීමේ දී මේ වන විට බැංකුවේ සාමාජිකත්වය ලබා ඇති අයෙකු ඉල්ලුම් පත්‍රය සහතික කළ යුතුය.
    • • ඉල්ලුම් පත්‍රය සමඟ ජාතික හැදුනුම්පතේ හෝ පිළිගත හැකි වෙනත් හැදුනුම්පතක පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    • • සාමාජිකයෙකු යටත් පිරිසෙයින් රු. 100/= ක එක් කොටසක්වත් ලබා ගත යුතු අතර, අතුරු ව්‍යවස්ථාවේ 07.02.04 වගන්තිය අනුව උපරිම කොටස් ප්‍රමාණය සීමා වන්නේය.
  • පාස් පොතක් නිකුත් කිරීම:
    • • සෑම සාමාජිකයෙකුටම සාමාජිකත්වය ලබන අවස්ථාවේ පාස් පොතක් නිකුත් කළ යුතුය.
    • • සාමාජිකයෙකුගේ ගණුදෙනු කරන බැංකු පාස්පොත අස්ථාන ගත වු විටක එය නැවත ලබා ගැනීම සඳහා ලිඛිතව ශාඛාවේ කළමණාකරු වෙත දැනුම් දිය යුතුය, දිවුරුම් ප්‍රකාශයක් හා වන්දි ලිපියක් නිසි පරිදි සම්පුර්ණ කර භාරදිය යුතුය.
    • • පහත සඳහන් ලිපි ලේඛණ සියල්ල ලබා ගෙන පරීක්‍ෂා කර බලා පාස්පොත අස්ථානගතව ඇති බව තහවුරු කර ගෙන, නව පාස්පොතක් සාමාජිකයා වෙත නිකුත් කිරීම ශාඛාවේ කළමණාකරුගේ වගකිම වන්නේය.
    • • අස්ථානගත වු පාස්පොත සඳහා නව පාස්පොතක් නිකුත් කිරීම වෙනුවෙන් රු. 250/= ක මුදලක් සාමාජිකයාගෙන් අය කර ගත යුතුය.
  • ඡායාරූප ලබා ගැනීම සහ හැදින්වීමේ පත්‍රිකාව:
    • • සෑම සාමාජිකයෙකු විසින්ම බැංකුවෙන් සපයනු ලබන හැඳින්වීමේ පත්‍රිකාවක් නිවැරදිව සම්පුර්ණ කර, මෑතකදී ලබා ගත් 2” x 2 1/2” ප්‍රමාණයේ ඡායාරූපයක් සමඟ ශාඛාවේ කළමණාකරු වෙත භාරදිය යුතුය. මෙම හැඳින්වීමේ පත්‍රිකාව අදාළ සාමාජික ලිපි ගොනුවේ ගොනු කළ යුතුය.

අපගේ සේවාවන්